ඩුබායිවලින් පැන්නූ කයිවාරු මුතුගේ අපරාධ ලැයිස්තුව එළියට

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධකරුවෙක් වන යමන් සපුගේ මනෝජ් මුතුකුමාරණ ප්‍රියදර්ශන නොහොත් ‘කයිවාරු මුතු’ අද (06) උදෑසන මෙරට පැමිණි පසු කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගුවන්තොටුපල ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගැනුණු එම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදෙනු ලැබුවා.

ඒ, අනුව මොහුව පැය 72ක රැඳවුම් නියෝග එම කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

කඩුවෙල, කොරතොට උතුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30ක් වන මෙම සැකකරු,

2013 වර්ෂයේ අතුරුගිරිය පොලිස් වසමේ බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දූෂණය සිදු කිරීම.
2016 වර්ෂයේ මීගහවත්ත පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරීම.
2024 වර්ෂයේ නවගමුව පොලිස් වසමේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුන් අදහේන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීම.
2024 වර්ෂයේ නවගමුව පොලිස් වසමේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට වෙඩි තබා අනරථය සිදු කිරීම.
2024 වර්ෂයේ කොරතොට ප්‍රදේශයේ ව්‍යාපරිකයෙකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බයකින් අනර්ථයක් සිදු කිරීම.
දුරකථන ඇමතුම් ගෙන පුද්ගලයින් හට මරණ තර්ජනය කිරීම
, යන අපරාධයන් සඳහා අවශ්‍යව කර සිටි අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම අපරාධ සම්බන්ධයෙන් කඩුවෙල සහ හෝමාගම ගරු අධිකරණවල මොහුට එරෙහිව නඩු කටයුතු විභාග වෙමින් පවතින බවට අනාවරණය වී තිබෙනවා.