විදුලි බිල වැඩි කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර, කෙසේ වෙතත් එලෙස විදුලි බිල වැඩි කරන දිනය පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවයි තොරතුරු වාර්තා වන්නේ.
විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය ඉල්ලා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් පසුගිය (02) වැනිදා රැස් වූ අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා.
එහි අනෙකුත් කරුණු අතර විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ද යෝජනා වී තිබුණා.
එම යෝජනාවට අද රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දී ඇති අතර, එය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර අනුමැතිය ලැබීමෙනන් අනතුරුව ඉදිරි පියවර ගැනීමටද තීරණය කළ බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවට එල්ල වන්නේ දැඩි ජනතා විරෝධයක්.














