විදුලි බිල වැඩි කිරීමට අවසරය – වැඩි කරන දිනය ගැන තවමත් තීරණයක් නැහැ

විදුලි බිල වැඩි කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර, කෙසේ වෙතත් එලෙස විදුලි බිල වැඩි කරන දිනය පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවයි තොරතුරු වාර්තා වන්නේ.

විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය ඉල්ලා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් පසුගිය (02) වැනිදා රැස් වූ අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා.

එහි අනෙකුත් කරුණු අතර විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ද යෝජනා වී තිබුණා.

එම යෝජනාවට අද රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දී ඇති අතර, එය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර අනුමැතිය ලැබීමෙනන් අනතුරුව ඉදිරි පියවර ගැනීමටද තීරණය කළ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවට එල්ල වන්නේ දැඩි ජනතා විරෝධයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05