කොළඹට අද බිත්තර ලක්ෂ 10ක් – ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවීම සඳුදා

අද (07) දිනය තුළ කොළඹ දිස්ත්‍රික්කයට බිත්තර ලක්ෂ 10ක ප්‍රමාණයක් රුපියල් 55.00ක මුදලකට අලෙවි කිරීම සඳහා බෙදාදීමට කටයුතු කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක සඳහන් කරනවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (06) ඔහු මේ බව සඳහන් කළ අතර, ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඇති ආර්ථික මධ්‍යස්ථාන සඳහා රුපියල් 53.00 බැඟින් වූ මුදලකට බිත්තර නිකුත් කරන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, ළමා රෝහලේ ආහාර ටෙන්ඩර් ලබාගෙන ඇති පුද්ගලයින්ට බිත්තරයක් රුපියල් 40.00ක වැනි මුදලකට ලබාදීමට පොරොන්දු වූ බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඊට අමතරව ළමා රෝහල සඳහා අවශ්‍ය බිත්තර, දින 10ක් යනතුරු නොමිලේ සැපයීමට ද තීරණය කල බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ.

මේ අතර බිත්තර ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම ලබන සඳුදා (09) දිනයේ ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

ඒ, අනුව බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කිරීම සහ සුදුසු ආනයනකරුවන් තෝරා ගැනීමේ කටයුතු ලබන සතිය තුළ දී සිදුකර අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

වෙළෙඳපොළට අවශ්‍ය වන බිත්තර ප්‍රමාණය රජය විසින් තීරණය කර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත දැනුම්දීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12