වසර 11ක ඉන්දීය පිළේ අපරාජිත ගමනට තිත තබන්න දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළට අද අවස්ථාව

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (07) රාත්‍රියේ පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැඟින් ජයගෙන සිටීම හේතුවෙන් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට නම් අද තරගය ජයගැනීම දෙපිළටම අනිවාර්ය වනවා.

අද (07) රාත්‍රී 7.00ට රාජ්කොට්හිදී මෙම තරගය පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් විස්සයි විස්ස තරගාවලියක් ඉන්දියාව සිය මව්බිමේ දී පරාජය කළ පළමු අවස්ථාව බවට ඉතිහාස ගතවනවා.

අවසන් වරට ඉන්දියාව තම මව්බිමේ දී විස්සයි විස්ස තරගාවලියක් පරාජයට පත් වූයේ 2019 දීයි.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති එම තරගාවලියෙන් ඉන්දියාව තරග දෙකට බින්දුවක පරාජයක් උරුමකර ගත්තා.

එතැන් සිට ඉන්දියාව සිය මව්බිමේ දී ක්‍රීඩා කළ තරගාවලි 11ක් තුළ අපරාජිතව සිටින අතර, අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් එම වාර්තාව බිඳ වැටෙනවා.

මේ අතර අද තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ එක් වෙනස්කමක් හෝ සිදුවනු ඇති බවට බොහෝ දෙනෙකු මත පළකර සිටියා.

කෙසේ වෙතත් දෙවැනි විස්සයි විස්ස තරගයෙන් පසුව ඉන්දීය පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් ප්‍රකාශ කළේ ආබාධයක් ඇතිවුවහොත් මිස කණ්ඩායමේ වැඩි වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

මේ අතර අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සිදුවේවිද නැද්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙක් විමසිල්ලෙන් සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී සංයෝජනය ඉදිරියටත් රඳවා තබා ගන්නවාද නැතිනම් පළමු තරග දෙක තුළ දී සාර්ථකත්වයක් පෙන්නුම් නොකළ භානුක රාජපක්ෂ වෙනුවට සධීර සමරවික්‍රම සමඟින් අද තරගයට ක්‍රීඩා කරනවා ද යන්නයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වාර්තා වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43