ලාංකික වට්සැප් පරිශීලකයන් දහස් ගණනකගේ ගිණුම් අහිමිවීමේ අවදානමක්

විශේෂ නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නව කොන්දේසි ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන් දහස් ගණනකගේ ගිණුම් අහිමිවීමේ අවදානමක් ඇතැයි දැනුම් දෙයි.

පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිළිගන්නේ නැති වට්සැප් පරිශීලකයන් සියල්ලන් හට පණිවිඩ ලැබීමට හෝ යැවීමට නොහැකි වන ආකාරයෙන් කටයුතු කරන බවක් වට්සැප් සමාගමෙන් නිවේදනය කොට ඇත.මෙහිදි මැයි 15 වන දින වන විට යාවත්කාලීන කරන ලද කොන්දේසි මෙයට අදාලවෙනු ඇත.නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිළිනොගන්නා පරිශීලකයන් හට සීමිත කෙටි කාලයක් සදහා පමණක් ඇමතුම් සහ දැනුම්දීම් ලබාදීමට කටයුතු කරන බවත් වට්සැප් සමාගම විසින් වැඩිදුරටත් නිවේදනය කොට ඇත. යාවත්කාලීන කරන ලද කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිලි නොගන්නා වට්සැප් පරිශීලකයන්ගේ ගිණුම් ගිණුම් “අක්‍රිය” ලෙස ලැයිස්තු ගත වන අතර අක්‍රීය ලෙස ලැයිස්තු ගත වූ ගිණුම් දින 120කට පසු මකා දැමීමකට ලක්වන බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට වාර්තා වේ.

මෙරට ලක්ෂ 70කට අධික වට්සැප් පරිශීලකයන් ප්‍රමාණයක් සිටින බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් අනුමාන කරන අතර වට්සැප් සමාගම මැයි 15 වනදාට පසුව ලබාගැනීමට යන මෙම තීරණය හේතුවෙන් වට්සැප් නව කොන්දේසි වලට එකග නොවූ දහස් ගණනක් වන ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන්ගේ ගිණුම් අහිමිවීමේ අවදානමෙහි පවතින බවය අප සංගමය විශ්වාස කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09