AFC Banner
Empty Ad
Empty Ad

එළඹෙන මැතිවරණය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ කිසිදු ප්‍රචාරක කටයුත්තකට තමන් සම්බන්ධ නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබෙනවා.

මන්ට වරසක් ලැබී ඇත්තේ ඡන්දය පැවැත්වීමට නොව වසර දෙකක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බව සඳහන් කළ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එම වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටකත් සූදානම් නොමැති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම කරුණු දැනුම්දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කොළඹදී හමුවූ අවස්ථාවේදීයි.

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේ නම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බවයි රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකයන්ට දැනුම්දී ඇත්තේ.

ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළ කිසිදු කටයුත්තකට තමන් සහභාගී නොවන බව ද ඔහු අවධාරණය කළා.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයට සහභාගී වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් සියයට 40ක් නව මුහුණු දැමීම සුදුසු බවට තම මතය වන බවයි ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ.

මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් පළාත් පාලන ආයතන සඳහා පත්වන සභිකයන් හාර දහසකට පමණක් පඩි සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන්කර ඇති අතර ඉතිරි පිරිස පඩි සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන බවට දැනුම්දිය යුතුව ඇතැයි ද ජනධිපතිවරයා ප්‍රකාශකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය හමුව මැද හර්ෂ යකා නටන්න පටන් ගනී
03:01
Video thumbnail
හර්ෂගෙන් ජනපති අනුරට බැණුම් කෝටියයි - කිව්වෙ එකක් - කරන්නෙ එකක් #anurakumaradissanayake #npp
03:48
Video thumbnail
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිවරුන්ට කියපු දේ
02:13
Video thumbnail
5 ශිෂ්‍යත්ව විභාගය අවුල් කරපු - කිහිප දෙනෙකුට වැඩ වරදී - පොලීසියෙන් කළ විශේෂ ප්‍රකාශයක්
04:29
Video thumbnail
ජනපති අනුරට එදා පලු යනකම් බැනපු මිනිස්සු එක්ක ජනපති අනුර පන්සල් යයි
02:01
Video thumbnail
වසර 19කට පසුව ජනපති ජනතාවට විවෘත කළ පාර - "අපේ ඊලඟ කතිරෙත් මාලිමාවට"
02:24
Video thumbnail
මාලිමාවට එන කවුරුත් ගන්නේ නෑ - "සොරි මහත්වරුණි" - මාලිමාව එක්ක ජනතාව අත්වැල් බැඳගෙන ඉවරයි #npp
03:09
Video thumbnail
🛑Breaking News - ජනපති අනුර අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකී.#akd #npp
04:46
Video thumbnail
චන්දිම වීරක්කොඩි - ජනපතිගේ සායම යවයි #anurakumaradissanayake
03:05
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:11

?