කහතුඩුව දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක ඇඳ මත නින්දේ සිටි සිසුවෙකු හදිසියේ මිය ගොස් තිබේ.
කටුපොත පොතුහැර පදිංචිව සිටි කටුගම්පල ගේ මලිත් යශෝධ නමැති 25 හැවිරිඳි සිසුවෙක් මෙලෙස මියගොස් ඇත්තේ
ජනවාරි පළවෙනි දින සිසුවා නේවාසිකාගාරය වෙත පැමිණ අනෙකුත් සිසුන් සමඟ සිට රාත්‍රී එකයි තිහට පමණ නින්දට ගොස් ඇති අතර පෙරේදා දහවල් 11.30 වන තුරුත් ඔහු දේශනවලට නොපැමිණි හෙයින් අනිකුත් සිසුන් ඔහු සොයා නේවාසිකාගාරයට පැමිණ සොයා බැලීමේදී ඇඳ මත ඔහු නිදාගෙන සිටිනු දැක අසලට ගොස් කතා කිරීමේදී ශරීරය සීතල වී ඇති බව දැනගෙන වහා ක්‍රියාත්මක වී හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබූ බව පොලිසිය පවසයි. එහිදී පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන් ඔහු මිය ගොස් ඇති බව දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.
ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.
කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.




