සරසවි සිසුවකු නේවාසිකාගාරයේ ඇඳ මත අවසන් හුස්ම හෙලයි

කහතුඩුව දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක ඇඳ මත නින්දේ සිටි සිසුවෙකු හදිසියේ මිය ගොස් තිබේ.

කටුපොත පොතුහැර පදිංචිව සිටි කටුගම්පල ගේ මලිත් යශෝධ නමැති 25 හැවිරිඳි සිසුවෙක් මෙලෙස මියගොස් ඇත්තේ

ජනවාරි පළවෙනි දින සිසුවා නේවාසිකාගාරය වෙත පැමිණ අනෙකුත් සිසුන් සමඟ සිට රාත්‍රී එකයි තිහට පමණ නින්දට ගොස් ඇති අතර පෙරේදා දහවල් 11.30 වන තුරුත් ඔහු දේශනවලට නොපැමිණි හෙයින් අනිකුත් සිසුන් ඔහු සොයා නේවාසිකාගාරයට පැමිණ සොයා බැලීමේදී ඇඳ මත ඔහු නිදාගෙන සිටිනු දැක අසලට ගොස් කතා කිරීමේදී ශරීරය සීතල වී ඇති බව දැනගෙන වහා ක්‍රියාත්මක වී හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබූ බව පොලිසිය පවසයි. එහිදී පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන් ඔහු මිය ගොස් ඇති බව දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ආර්ථික ඔස්තාර්ලා තමයි රට බංකොලොත් කළේ
10:42
Video thumbnail
ඊයේ රෑ Port City රත්කළ සිදුවීම මෙන්න - චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
01:22
Video thumbnail
නාමල්, සාගර අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට එයි
00:51
Video thumbnail
යුපුන් අබේකොන්ට ආණ්ඩුවෙන් තර්ජනය කරලා..?
05:35
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:11
Video thumbnail
ග#ගත්ත රැදවියෝ එකම තැන තිබ්බේ ඇයි ? - විපක්ෂය උද්යෝගයෙන් විවාදය කරලා ඇමති ගෙදර යවන්න
08:31
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - හතර වටේටම පැතිර යන අයුරු
01:37
Video thumbnail
ජනාධිපතිට තව මාස 23යි තියෙන්නේ - රටට අබසරණයි
09:42
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එයි - කට්ටිය ගෝඨාභයව වටකරගයි
00:36
Video thumbnail
සජිත් නැගිටිලා ආණ්ඩුවට දැනෙන්න සැරටම කියයි
12:06