බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රසල් ඩොමින්ගෝ එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව පසුගිය සතියේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඉන්දියාව සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලිය බංග්ලාදේශය තරග දෙකට බිංදුවක් ලෙස පරාජයට පත්වීමත් සමඟ ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.
මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් සභාපති ජලාල් යුනුස් සඳහන් කළේ එළඹෙන මාර්තු මාසයේ එංගලන්ත තරගාවලියට පෙර කණ්ඩායම සඳහා නව ප්‍රධාන පුහුණුකරුවෙක් පත්කර ගැනීමට කටයුතු කරන බවයි.
මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් එක අයෙක්ය් සමඟ සාකච්ඡා කරමින් සිටින අබ්වයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත් එම තැනැත්තා කවුරුන්ද යන්න පිළිබඳව ජලාල් යුනුස් සඳහන් කර සිටියේ නැහැ.
ඉන්දියාවට එරෙහි තරඟාවලියෙන් පසු නත්තල් නිවාඩුව සඳහා ඩොමින්ගෝ දකුණු අප්‍රිකාවේ ඔහුගේ නිවස බලා පිටත්ව ගොස් ඇති අතර, ඔහු නැවත නොඑන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ස්ටීව් රෝඩ්ස් බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත්වීමත් සමඟ ඉන් මාස කිහිපයකට පසු 2019 සැප්තැම්බර් මාසයේ දී ඩොමින්ගෝ එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වුණා.




