බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සිය තනතුරින් ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රසල් ඩොමින්ගෝ එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව පසුගිය සතියේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉන්දියාව සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලිය බංග්ලාදේශය තරග දෙකට බිංදුවක් ලෙස පරාජයට පත්වීමත් සමඟ ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් සභාපති ජලාල් යුනුස් සඳහන් කළේ එළඹෙන මාර්තු මාසයේ එංගලන්ත තරගාවලියට පෙර කණ්ඩායම සඳහා නව ප්‍රධාන පුහුණුකරුවෙක් පත්කර ගැනීමට කටයුතු කරන බවයි.

මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් එක අයෙක්ය් සමඟ සාකච්ඡා කරමින් සිටින අබ්වයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත් එම තැනැත්තා කවුරුන්ද යන්න පිළිබඳව ජලාල් යුනුස් සඳහන් කර සිටියේ නැහැ.

ඉන්දියාවට එරෙහි තරඟාවලියෙන් පසු නත්තල් නිවාඩුව සඳහා ඩොමින්ගෝ දකුණු අප්‍රිකාවේ ඔහුගේ නිවස බලා පිටත්ව ගොස් ඇති අතර, ඔහු නැවත නොඑන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ස්ටීව් රෝඩ්ස් බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත්වීමත් සමඟ ඉන් මාස කිහිපයකට පසු 2019 සැප්තැම්බර් මාසයේ දී ඩොමින්ගෝ එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40