මැන්චෙස්ටර් යුනයිටඩ් අත්හැරි රොනාල්ඩෝ ‘අල් නසාර්’ සමඟ එක්වෙයි

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ ‘අල් නසාර්’ ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

ඒ, අනුව ඔහු 2025 ජූනි දක්වා ‘අල් නසාර්’ ක්‍රීඩා සමාජය සමඟ මෙලෙස ගිවිසුම්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගිවිසුම අනුව රෝනාල්ඩෝට වසරකට යූරෝ මිලියන 200කට ආසන්න වැටුපක් හිමිවනවා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වූ පසු ඔහුව තමන් සතු කර ගන්නට ලොව ප්‍රබල ක්‍රීඩා සමාජ රැසක් දැඩි සටහනක නිරත වුණා.

මේ අතර රොනාල්ඩෝගේ මෙම එක්වීම සම්බන්ධයෙන් “ඔබගේ නව නිවසට සාදරයෙන් පිළිගනිමු” යනුවෙන් ‘අල් නසාර්’ ක්‍රීඩා සමාජය සිය ට්විටර් ගිණුමට විශේෂ සටහනක් ද එක්කර තිබුණා.

WhatsApp Image 2022 12 31 at 9.09.44 AM