විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල මෙන්ම විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කොන්සියුලර් සේවා ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
ඒ 2022.11.16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2306/35ට අනුවයි.
මේ අනුව 2023 ජනවාරී මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලේඛන/සහතික සත්‍යාපන කිරිමට අදාළ ගාස්තු සංශෝධනය කර ති බවයි අමාත්‍යංශය කියාසිටියේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ එහි ප්‍රාදේශීය කාර්යාල මගින් ලේඛන/සහතික සත්‍යාපනය කිරිමට අදාළ නවතම ගාස්තු සංශෝදනයන් පහත දැක්වෙනවා.
කොන්සියුලර් කාර්යය ගාස්තු (රු.)
- විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විභාග සහතික 800.00
- විදේශීය පුරවැසියෙකු සදහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලදඕනෑම ලේඛනයක් 3000.00
- යම් අපනයන ලේඛනයක් 8000.00
- වෙනත් යම් ලේඛනයක් 1200.00
විදේශගත ශ්‍රී ලාංකිකයින් සදහා අදාළ වන සංශෝධිත ගාස්තු සදහා 2022.11.16 දිනැති අංක 2306/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන ලෙසට විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙනවා.




