විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද සහ හෙට

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද (30) ආරම්භ වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම ඩෙංගු මර්ධන වැඩසටහන හෙට (31) දිනයේ ද ක්‍රියාත්මක බවයි.

පසුගිය සති හතරක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බැවින් මෙම ඩෙංගු මර්දන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ වසරේ මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 75,434 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය ගිය වසරට සාපේක්ෂව දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක්.

ඒ අනුව මෙම දින දෙක තුළ නිවෙස්වල සහ අවට මෙන්ම තමන් රාජකාරී කරන ස්ථානය සහ ප්‍රදේශයේ පොදු ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !