පේරාදෙණියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අද අධිකරණයට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුතාට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අද (30) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිසිය සඳහන් කළේ සැකකාර අනුරාධ විදානගේ අද (30) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පුද්ගලයා ඊයේ (29) මහනුවර අධිකරණය පිටුපස මාර්ගයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?