මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වැටලූ ජාඇල දූෂණ මර්දන ඒකකයේ OICට පැය හතරෙන් ස්ථාන මාරුවක්

ශ්‍රී ලංකා පොලීසිය.
මිනිස්සුන්ට බයක් සැකක් නැතිව ජීවත් වෙන්න රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන ආයතනය තමයි ශ්‍රී ලංකා පොලීසිය.

හැබැයි පසුගිය කාලේ සිදුවුණු වෙඩි තැබීම්, මංකොල්ලකෑම්, ඝාතන වගේ සිදුවීම් දිහා බැලුවම ශ්‍රී ලංකා පොලිසිය මොනවද කරන්නේ කියලත් ඇතැමෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්.

මේ කොහොම වුණත් ඇතැම් නිලධාරීන්ගේ සම+හරක්ගේ වැඩ නිසා සමස්ත පොලිස් නිලධාරීන්ටම චෝදනා එල්ලවුණත් බොහෝ දෙනෙක් නීතිය හරියට ක්‍රියාත්මක කරනවා.

ඒ නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන අයටනම් හැරෙන තැපෑලකින් ස්ථාන මාරු, පරීක්ෂණ තබන අවස්ථානම් අහන්න දකින්න ලැබෙනවා.

තමන්ගේ පහළ නිලධාරීන්ව ආරක්ෂා කරන එක ඉහළ නිලධාරීන්ගේ වගකීමක්.

හැබැයි ඒ වගකීම ඉටුවෙනවා වෙනුවට මහා පරිමාණ කසිප්පු වැටලීමක් කළ ජාඇල පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිව ස්ථාන මාරු කළ පුවතක් ගැන අපිට වාර්තා වුණා.

කසිප්පු ජාවාරමෙන් ජාඇල වෙලාගෙනසිටි සුසන්ත රාජපක්ෂ නොහොත් මනා යන අනුවර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයෙක් ඇතුළු පිරිසක් ඊයේ (28) පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙහිදී ගෝඩා මිලි ලීටර් 1348000 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.

මෙම වැටලීම සිදුකර පැය 4 ක් යන්නටත් පෙර නීතිය හරිහැටි ක්‍රියාත්මක කරවූ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ. දර්ශන වෙත ස්ථාන මාරුවක් ලැබී තිබෙනවා.

නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් අගය කරනවා වෙනුවට ස්ථාන මාරුවීම් සිදුකිරීම මගින් රටටත් සමාජයටත් පොලිස් දෙපාර්තමේන්තුව සිදුකරන්නේ වරදක් නොවේද..

පොලිස්පතිතුමනි, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි, මෙවන් නිලධාරීන් රැකගැනීමට ඔබලා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද..?

01 1
2 6
Sri Lankan cricketer Dasun Shanaka celebrates after scoring 50 runs during the 4th One Day International cricket match between Sri Lanka and England at the Pallekele International Cricket Stadium Sri Lanka. Saturday 20 October 2018 (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54