බිත්තරයක මිල රුපියල 55ට හෙට (30) සිට මහනුවර හා ගාල්ල නාගරික ප්‍රදේශවල අලෙවි කිරිමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.
වෙළෙඳ පළේ බිත්තර මිල රුපියල් 65-70 දක්වා ඉහළ යාම සැළකිල්ලට ගනිමින් පාරිභෝගිකයින්ට රුපියල් 55ක මිලක් යටතේ බිත්තර අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම්වලින් ඉල්ලිමක් කළේය.
ඒ අනුව කොළඹ හා ගම්පහ ප්‍රදේශ කිහිපයක බිත්තර අලෙවි කිරීමේ වැඩ පිළිවෙළ ඊයේ (28) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ආරම්භ විය.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ලොරි රථ 10කින් ස්ථාන 10ක බිත්තර ලක්ෂ 04ක් අලෙවි කිරීමට අපේක්ෂිත බවයි එම සංගමය පවසන්නේ.
කොළඹ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශ වන කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය, බොරැල්ල, මහරගම, දෙමටගොඩ, නාරාහේන්පිට, කොළඹ ජාතික රූපවාහිනි සංස්ථාව අසළ, රාජගිරිය, යන ස්ථානවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල, වත්තල, මීගමුව හා රාගම යන ප්‍රදේශවලත් බිත්තර අලෙවි කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.
විශේෂයෙන් උත්සව කාලය ඉළක්ක කරමින් ඇතැම් පිරිස් බිත්තර මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති අතර ජනවාරි 01 දායින් පසුව බිත්තර මිල යළි සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කළේය.
කෙසේ වුවද සතියකට වරක් මෙම බිත්තර අලෙවි කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇතැයි ද ඔවුහු පැවසූහ.











බිත්තරයක් කෑවෙත් 45ට දැන් මුන් 55ට කවන්න හදනවා
MUGR MUSPENTHU MUNA DAWASE KOYI WELAWE DAKKATH KISIMA WAGATHUGAK NAHE. MELO WEDAK KARANNE NAHE, OKKOMA KARANNE MEDIA WALA DAGANNA BORU WEDA. MUN OKKOMA MINISSUNTA WADHA DHI DHEE FULL ENJOY KARANAWA. POLICIYA HAMUDA WATETA DAGENA KARANA PAHARA WEDA KELAWARAK NAHE. HORAKAM ITHAMA DARUNUYI. 50 GANIPU BITHTHATA 80 WENAKAM YANNA ERALA DAN 55 KALA LU. MAAARA WEDAK NEH.
ඔකුන්ගෙ සෙල්ලම් බලන්න තිබුණ එක මාසයක් බිත්තර වර්ජනය කලානම්.බිත්තර ටික නරක් වෙන නිසා ගහන සෙල්ලමක් ඔය මිල අඩුකලා දෙන්න හදන්නෙ.