නොරොච්චෝල බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්රික් ටොන් 60000ක් රැගත් නෞකාවක් ජනවාරි 5 වැනිදා මෙරටට ළඟා වන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.
එමෙන්ම ලබන ජනවාරි 9 වැනිදා හා 16 වැනිදා තවත් නෞකා දෙකක් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කළා
මෙම නෞකා සඳහා දැනටමත් සියයට තිහක (30%) මූලික මුදල් ගෙවා අවසන් බවත් ජනවාරි මස අවසානය වන විට ඒ අන්දමට නෞකා 07ක් ගෙන ඒමට බලාපොරොත්තු බවයි ඔහු පවසන්නේ.
ගල්අඟුරු ලබා ගැනීම සඳහා කරන ලද නව ටෙන්ඩර් කැඳවීමට අනුව ඉදිරියේදී ගල්අඟුරු සැපයීම ඉන්දුනීසියානු සමාගමකට ලබා දුන් බවද ඔහු පැවසීය.










