විදුලිය සම්බන්ධ කංචනගේ නැවුම් බලාපොරොත්තුව

නොරොච්චෝල බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික්‌ ටොන් 60000ක් රැගත් නෞකාවක් ජනවාරි 5 වැනිදා මෙරටට ළඟා වන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

එමෙන්ම ලබන ජනවාරි 9 වැනිදා හා 16 වැනිදා තවත් නෞකා දෙකක් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කළා

මෙම නෞකා සඳහා දැනටමත් සියයට තිහක (30%) මූලික මුදල් ගෙවා අවසන් බවත් ජනවාරි මස අවසානය වන විට ඒ අන්දමට නෞකා 07ක් ගෙන ඒමට බලාපොරොත්තු බවයි ඔහු පවසන්නේ.

ගල්අඟුරු ලබා ගැනීම සඳහා කරන ලද නව ටෙන්ඩර් කැඳවීමට අනුව ඉදිරියේදී ගල්අඟුරු සැපයීම ඉන්දුනීසියානු සමාගමකට ලබා දුන් බවද ඔහු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්