පාසල් නිල ඇඳුමින් සැරසුණු දරුවන් සහභාගී කරගත් විරෝධතාවක වීඩියෝ දර්ශන හා ඔවුන්ගේ ප්‍රකාශ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා.
දරුවන් දේශපාලන අරමුණු සඳහා යොදාගෙන ඇති බවට පෙනී යන බැවින්, මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමටද පියවර ගෙන තිබෙන බවටත් අමාත්‍යාංශය සඳහන් කරනවා.
බාලවයස්කාර දරුවන්ගේ අනන්‍යතාව හා පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ ඡායාරූප, වීඩියෝ සහ හඬ පට ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස අමාත්‍යාංශය සියලු මාධ්‍ය ආයතනවලින් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
