ගුවන් හමුදාවට නියමුවන් රහිත ගුවන් යානා පද්ධතියක්

නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රුපියල් මිලියන 4,261ක් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 අංක 8 දරන පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද (05) පැවති විවාදයෙන් අනතුරුව සම්මත වී තිබෙනවා.

ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් වෙනත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය විසින් ලබාගන්නා ඕනෑම ණය මුදලකින් මෙම මුදල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙම මුදල් යෙදවීමට නියමිත බවට වාර්තාවෙනවා.

එ මඟින් වෙනස්වන මෙහෙයුම් පරිසරය මෙන්ම බෙංගාල බොක්ක සහ ඒ අවට ප්‍රදේශවල පවතින ආපදාවන්ට ගොදුරු විය හැකි තත්ත්වයන් හා නිරන්තර අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මතුවන ආසන්න තර්ජන සැලකිල්ලට ගනිමින්, මෙම නියමුවන් රහිත ගුවන් යානා පද්ධතිය ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා.