ලක්ෂ ගණනක් මුදල් සමඟ සේප්පුවක් කාණුවක දමා ගිහින් (ඡායාරූප)

පුත්තලම – පාලාවිය සමෘද්ධි බැංකුවේ මුදල් සේප්පුව කිසියම් කණ්ඩායමක් විසින් සොරකම් කර මහ මඟ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා.

පුත්තලම පොලීසිය සදහන් කළේ ඊයේ (25) රාත්‍රියේ මාර්ගයේ ගමන් කළ අයෙකු මුදල් සේප්පුවක් මාර්ගය අසල කණුවක තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දුන් බවයි.

එම දැනුම්දීම මත අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් සේප්පුව සිය භාරය ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

සමෘද්ධි බැංකුවේ ජනේලයක ආරක්ෂිත කම්බි කඩා දමා ඇතුළු වී සේප්පුව සොරකම් කර ඇති බව මූලික විමර්ශණවලදී හෙළිව තිබෙනවා.

මුදල් සේප්පුවේ රහස් අංකය සහිත අගුල ඇති ස්ථානයට සහ තවත් ස්ථාන කීපයකට හානි සිදුකර ඇති බවක් පොලීසියට නිරීක්ෂණය වී තිබෙනවා.

කෙසේ වෙතත් සේප්පුව සොරාගත් පුද්ගලයින්ට එය විවෘත කර ගැනීමට නොහැකිවීම නිසා මෙලෙස මහ මඟ දමා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අතහැර දමා ගොස් ඇති සේප්පුවේ රුපියල් ලක්ෂ 05ක පමණ මුදලක් ඇති බවයි පාලාවිය සමෘද්ධි බැංකුවේ කළමණාකාරීත්වය පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20