දිනේෂ් ශාෆ්ටර් සියදිවි නසාගත්තා ද ? – ශාෆ්ටර්ගේ අභිරහස ගැන විමර්ශන වෙනත් දිශාවකට

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් සියදිවි හානි කරගත්තේ දැයි යන්න සම්බන්ධව ඔහුගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන්ගේ දැඩි අවධානය මේ වනවිට යොමුව ඇති බව වාර්තා වනවා.

නේෂ් ශාෆ්ටර් තමන්ගේ බිරිඳගේ මවට ලියන ලදැයි කියන ලිපියක් මුල් කරගෙන විමර්ශන සිදුකරන නිලධාරීන්ගේ අවධානය ඊට යොමුව ඇති බව සඳහන්.

එමෙන්ම ඔහු විසින් ඇයට යවන ලද හැඟීම්බර අදහස් අඩංගු කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් ද විමර්ශකයන් පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම සිද්ධිය සිදු වූ දින දිනේෂ් ශාෆ්ටර් ගමන්ගත් මෝටර් රථයේ කිසිවෙකු ගමන් නොකළ බවට සී.සී.ටී.වී. දර්ශනවල පැහැදිලි සාක්ෂි ඇතත් එහි තිබූ කිසියම් දෙයක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

දිනේෂ් ශාෆ්ටර් පසුගිය 15 වනදා තම බිරිඳ සමඟ එංගලන්තය බලා යාමට හෝරා කිහිපයක් තිබිය දී බොරැල්ල සුසාන භූමියේ මෝටර් රථය තුළ සිටිය දී දිනේෂ් ශාෆ්ටර් සොයාගත්තා.

එහිදී ඔහුගේ දෙඅත් පටියකින් බැඳී ගෙළ වයරයකින් සිරව තිබූ බවයි අනවරණය වුණේ.

අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් පැය කිහිපයකට පසු ඔහු මියගිය බවයි දැනගන්නට ලැබුණේ.

මේ අතර දිනේෂ් ශාෆ්ටර්ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වනවිට පවුලේ සමීපතමයන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයන් 70කින් පමණ ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

එමෙන්ම සී.සී.ටී.වී. දර්ශන 70ක පමණ දර්ශන පරීක්ෂාවට ලක්කර ඇති බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය මෙම අභිරහස් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් නිල ඇඳුමෙන් වීඩියෝස් කරපු නිලධාරියා හදිසියේම කළ සංවේදී කතාව...
02:21
Video thumbnail
සුන්දර ඇල්ල නගරය තවත් ලස්සන කළ කොල්ලෝ කෙල්ලෝ
02:28
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරමින් අවසන් ගෞරව දැක්වූ හිටපු මාධ්‍ය ප්‍රකාශක...
00:32
Video thumbnail
හැරගිය මිතුරා වෙනුවෙන් සංවේදී වුණු අර්ජුන රණතුංග..
00:29
Video thumbnail
හිටපු පොලිස්පතිට සමුදෙන්න ආ පොළොන්නරුව SSP සංවේදී වෙයි
01:11
Video thumbnail
අපේ ආණ්ඩුව ලෝකෙටම උදාහරණයක් - උතුම් විදිහට වැඩ කරන්නේ
13:57
Video thumbnail
නාමල් ජනාධිපති වෙන එක කාටත් නවත්වන්න බෑ
08:06
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19