අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 1600කට වැඩි පිරිසකට පීඩා

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 1600කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මෙහිදී එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර, තවත් නිවාස 109කට අර්ධ හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

මේ අතර දිස්ත්‍රික්ක 04ක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක වන අතර, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය එම දිස්ත්‍රික්ක 04ට අයත්.

මෙම වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ මේ වනවිට ප්‍රධාන ජලාශ 15ක් වාන් දමමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම දැඳුරු ඔය ගංවතුර තත්ත්වය පහළ යමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

අද (26) උදෑසන වනවිට දැඳුරු ඔය ජලාශයේ ගේට්ටු 06ක් අඩි 04 බැඟින් විවෘත කර ඇති අතර, අනෙක් ගේට්ටු 02 අඩි 05 බැඟින් විවෘත කර ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් පුත්තලම හා හලාවත යන ප්‍රදේශවල ජනතාවට ජනතාව දැඩිව විමසිලිමත්ව පසුවන ලෙසද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47
Video thumbnail
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවට සිදුවුණ අනතුර ගැන විජිතගෙන් හෙළිදරව්වක්..30දෙනෙකුගේ ජීවිත බේරගත්තා
02:57
Video thumbnail
ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍ර#රයක් ?..චාමර හදිස්සියේම නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
01:26
Video thumbnail
නිධානයක් උඩ ඉදගෙන හිඟා කනවා කිව්ව කෙනා දැන් මේ රට හුන්ඩුවක්ලු
05:47
Video thumbnail
හුන්ඩුවේ ප්‍රශ්නය නිසා තිස්ස කුට්ටිට යකා නගියි..ඔයාට හුන්ඩුවක් වුණාට අපිට හුන්ඩුවක් නෙවෙයි
02:57
Video thumbnail
Praharaya | මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:05:11
Video thumbnail
සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවට වැරදිලාද? පැටලිලාද?..මෙයා පාස්කු ප්‍ර#රයට සම්බන්ධ නැහැ
06:31