සැඩ පහරට පැන 11 හැවිරිදි දැරියකගේ දිවි බේරාදුන් උසස් පෙළ සිසුවා

සැඩ පහරකට හසුව ගසාගෙන යමින් සිටි පාසල් දැරියක්, උසස්පෙළ පාසල් සිසුවකු විසින් දිවි පරදුවට තබා බේරාගත් පුවතක් බිබිල – මැදගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දියේ ගසාගෙන යමින් සිටි 11 හැවිරිදි දැරියක් මෙම සිසුවා විසින් බේරාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අදාළ දැරිය සිය මව සහ සහෝදරයා සමඟ 17 කණුව ප්‍රදේශයේ පැවති දානමය පිංකමක් සඳහා සහභාගී වීමට මැදගම -17 කණුව ප්‍රදේශයේ පිහිටි බෙල්ලන්ඔය හරහා පිහිටි සපත්තු පාලමෙන් එතෙර වීමට ගොස් තිබෙනවා.

එහිදී මව වතුරට බැස පළමුව කුඩා පුතු පාලමෙන් එතෙර කර ඇති අතර, දෙවනුව දියණියව එගොඩ කිරීමට යාමේදී දියණියගේ පය ලිස්සා ගොස් සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි දැනගන්නට ලැබුණේ.

එම අවස්ථාවේ දී සැඩ පහරට හසුව ගසාගෙන තම දියණිය බේරාදෙන ලෙස ආසන්නයේ සිටි කිහිපදෙනකුට මෙම මව කෑ ගසා උදව් ඉල්ලා සිටියද කිසිවකුත් ඉදිරිපත්ව නොමැති බව සඳහන්.

පසුව මෙම පාසල් සිසුවා එම ස්ථානයට පැමිණ දැරිය ගසාගෙන යන සැඩ පහරට පැන පිහිනා ගොස් ඇයව බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස සිය ජීවිතය ගැන පවා නොසිතමින් 11 හැවිරිදි දැරියගේ දිවි ගලවාගැනීමට සමත්ව ඇත්තේ මැදගම අමුනේකඳුර ජාතික පාසලේ 12 වසරේ වාණිජ අංශයේ ඉගෙනුම ලබන ඩී.එම්. ලක්ෂිත දිල්ශාන් සිසුවායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
382
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47
Video thumbnail
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවට සිදුවුණ අනතුර ගැන විජිතගෙන් හෙළිදරව්වක්..30දෙනෙකුගේ ජීවිත බේරගත්තා
02:57
Video thumbnail
ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍ර#රයක් ?..චාමර හදිස්සියේම නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
01:26
Video thumbnail
නිධානයක් උඩ ඉදගෙන හිඟා කනවා කිව්ව කෙනා දැන් මේ රට හුන්ඩුවක්ලු
05:47
Video thumbnail
හුන්ඩුවේ ප්‍රශ්නය නිසා තිස්ස කුට්ටිට යකා නගියි..ඔයාට හුන්ඩුවක් වුණාට අපිට හුන්ඩුවක් නෙවෙයි
02:57
Video thumbnail
Praharaya | මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:05:11
Video thumbnail
සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවට වැරදිලාද? පැටලිලාද?..මෙයා පාස්කු ප්‍ර#රයට සම්බන්ධ නැහැ
06:31