ක්‍රීඩා ඇමතිගේ ගැසට්ටුවට එරෙහි පළමු පැනල්ටිය FIFA වෙතින් එල්ල වූ බව FFSL හිටපු මහලේකම් කියයි

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන බාහිර මැදිහත්වීම් පිළිබඳව FIFA හි බලවත් කනස්සල්ල පළකරන බව දන්වමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තමන් වෙත ලිපියක් යොමුකළ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහලේකම් උපාලි හේවගේ පවසනවා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සාමාජික සංගම් නිලධාරි කෙනී ජීන්-මාරි විසින් පෙරේදා (22) තමන්ගේ විද්‍යුත් ලිපිනයට මෙම ලිපිය යොමුකර තිබූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

2022 සැප්තැම්බර් 22 දින සම්මත කරන ලද FFSL ව්‍යවස්ථාවට අනුකුලව හා එහි සඳහන් රාමුවට අනුකූලව නිලවරණය නොපැවැත්වුවහොත්, මෙම කාරණය තවදුරටත් සලකා බැලීම සහ අත්හිටුවීම ඇතුළුව FIFA ව්‍යවස්ථාව මත පදනම් විය හැකි සම්බාධක සඳහා අපගේ අදාළ තීරණ ගැනීමේ ආයතනය වෙත ඉදිරිපත් කරනු ලබන බව එම ලිපිය මඟින් අවධාරණය කර ඇති බවයි හිටපු මහලේකම්වරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා අවශ්‍ය උපදේශන හා නිරීක්ෂණ කටයුතු සදහා විදෙස් නියෝජිතයින් පිරිසක් පසුගිය සැප්තැම්බර් මාසයේ දිවයිනට පැමිණි බව පෙන්වාදෙන හිටපු මහලේකම්වරයා එහිදී අමාත්‍යවරයා සහ අමාත්‍යංශ බලධාරීන් සමඟ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව හා නිලවරණ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගත් බව දැනුම් දෙනවා.

එම නියෝජිත පිරිසට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිලධාරින් දෙදෙනෙකු හා ආසියානු පාපන්දු සම්මේලනයේ නිලධාරියෙකු ඇතුළත්ව සිටි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට උපදෙස් දී තිබුණේ සිය සම්මේලනයට සමගාමීව යන නව ව්‍යවස්ථාවක් අනුමත කර ගනිමින් මීළඟ පාපන්දු නිලවරණය පැවැත්විය යුතුය යන්න බවයි හිටපු මහලේකම්වරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වුවද එසේ ඇතිකරගත් එකඟතාවයන්ට පිටුපා අමාත්‍යවරයා විසින් කඩිමුඩියේ ක්‍රීඩා සංගම්වලට අදාළ ගැසට් නිවේදන තුනක් ප්‍රකාශයට පත්කිරීම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අවධානයට ලක්ව ඇති බව ඔහු සඳහන් කර සිටිනවා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ කෙනී ජීන්-මාරි විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම්ට යොමුකළ බව කියන ලිපිය පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20