සාමයේ කුමරාගේ උපත සිහිකෙරෙන අසිරිමත් නත්තල අද මැදියම් රැයෙන් උදාවෙයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද (24)මැදියම් රැයේ දී උදාවනවා.

ලොව පුරා වෙසෙන කිතුණු බැතිමතුන් නත්තල පිළිගැනීම සඳහා මේ වනවිටත් සූදානමින් සිටින අතර, ශ්‍රී ලාංකික කතෝලික ජනතාව ද ඒ සඳහා උනන්දුවකින් පෙළගැසී සිටින ආකාරය දැකගත හැකියි.

නත්තල වෙනුවෙන් සූදානම් වන බොහෝ පිරිසක් ඊයේ දිනයේ දී සහ අද දිනයේ දී විවිධ භාණ්ඩ මිලදී ගැනීමට නරග වෙත පැමිණ සිටින ආකාරය දැකගත හැකි වුණා.

නත්තල් උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?