සාරි පොටක ගෙළ සිරවී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

සාරි පොටක ගෙළ සිරවීමෙන් හපුතලේ, පිටරත්මලේ වත්ත ප්‍රදේශයේ දී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ 12 හැවිරිදි වියේ පසුවූ පිරිමි දරුවෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිය බාල නැඟණිය නිදකරවීම සඳහා නිවසේ බාල්කයේ සාරියක් එල්ලා සකස්කර තිබූ තොටිල්ලේ සරිපොට දරුවාගේ ගෙළෙහි එතී සිරවී පසුගිය 22 වනදා රාත්‍රියේ මෙම මරණය සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය සම්බන්ධයන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ එය හුස්ම සිරවී සිදු වූ මරණයක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?