වළදමා තිබූ බිළිඳු මළ සිරුරක කොටස් ඊයේ (23) මුලතිව්, අයියන්කුලම ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකින් සොයාගත් බව අයියන්කුලම පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ ගවයින් බැලීමට ගිය පිරිසක් ලබාදුන් තොරතුරු මත අදාළ මළ සිරුරේ කොටස් මෙලෙස සොයාගත් බවයි.
පසුව මුලතිව් වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ අදාළ බිළිඳු මළ සිරුරේ කොටස් ගොඩගැනීම සිදුකර තිබෙනවා.
මළ සිරුර ගොඩගැනීමේ කටයුත්ත වෙනුවෙන් එක්ව සිටි මුලතිව් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා මූලික පරීක්ෂාවේදී සඳහන් කර ඇත්තේ නොමේරු කළලයක් එලෙස වළ දමා ඇති බවට සැක කරන බවයි.
ගොඩගත් සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා මුලතිව් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අයියන්කුලම පොලිසය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි වාර්තා වන්නේ.


















