බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ සේසත කොල්ල කෑ ‘කොමනා’ සහ ‘කොණ්ඩයා’ අල්ලයි (ඡායාරූප)

බම්බලපිටිය – ස්කෙල්ටන් පාරේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසින් රුපියල් කෝටි 25 කට ආසන්න, දේශීය සහ විදේශීය මුදල්, රන් රිදී මුතු මැණික් සහ පිස්තෝල ගිනි අවියක් සොරාගත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

බොරැල්ල සහ බම්බලපිටිය පොලිසිය ඒකාබද්ධව සිදුකළ විමර්ශනයක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤ වීදිය ධනුෂ්ක නොහොත් ‘කොණ්ඩයා’ සහ හෝකන්දර කොමනා, බෙල්ලා, විරිඳු රුවන් හා කළුමල්ලි යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන ජයකොඩිගේ රුවන් ප්‍රේමකුමාර නැමැති දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත සැකකරුවන් සන්තකයේ තිබී එම නිවසින් සොරාගත් දේපළවලින් ග්‍රෑම් 380ක් බර රන් ආභරණ, ඇමරිකන් ඩොලර් 10.000 ක්, ජපන් යෙන් එක්ලක්ෂ 950ක්, රෝලෙක්ස් අත් ඔරලෝසු, මැණික් ගල්, රුපියල් ලක්ෂ 174ක මුදල් සහ පිස්තෝල ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම ඔවුන් සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් ද සොයා ගැනීමට පොලිසියට හැකි වූ බවයි වාර්තා වන්නේ.

ඉකුත් දා 16 වනදා ධනුෂ්ක නොහොත් ‘කොන්ඩයාගේ’ මඟ පෙන්වීම මත ‘කොමනා’ ඇතුළු අන්වර්ථ නාම හතරකින් හඳුන්වන සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ තෙමහල් නිවසේ දෙවන මහලේ නාන කාමරයේ සුළං කවුළුවෙන් නිවසට ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

පොලිසිය පවසන්නේ සැකකරුවන් විසින් මෙම සොරකම සිදුකර අවස්ථාවේ දී කෝටිපති ව්‍යාපාරිකයෙක් බිරිඳ සහ සේවිකාවන් දෙදෙනා ද නිවසේ පහළ මහලේ සිට ඇති බවයි.

එම නිවසේ සවි කර තිබූ සී.සී.ටී.වී. දර්ශන අනුව සිදුකළ විමර්ශනවලදී ‘කොමනා’ නොහොත් අන්වර්ථ නාම හතරකින් හඳුන්වන සැකකරු මරදාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

පසුව ඔහු පරීක්ෂා කිරීමේ දී සොරාගත් රන් ආභරණ, විදේශීය මුදල්, මැණික් මැණික් ගල්වලින් කොටසක් ඔහු හැඳ සිටි යට ඇඳුමේ සඟවා තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අපරාධයට සම්බන්ධ ‘කොණ්ඩයා’ නැමැත්තා පිළිබඳ තොරතුරු අනාවරණයකරගෙන ඇති අතර, ඔහු බම්බලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ එකසිය එකක් සහ පිස්තෝල ගිනිඅවිය පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු එම මුදල් සහ ගිනි අවිය සහෝදරියකට සහ මිතුරෙකුට පරිස්සම්කර තබා ගැනීමට ලබදී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් ‘කොමනා’ නමැති සැකකරු සොරකම් කරන ලද මුදල්වලින් රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු ඔහුගේ මිතුරන් අතරේ බෙදා දී ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17
Video thumbnail
රනිල්ගේ - අනුරගෙයි ආර්ථික කළමණාකරනය ගැන කියන රාජිත.. රනිල් රු.293 වෙනකල් අඩුකළා
01:25
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22