මොළය මියගිය පුද්ගලයින්ගෙන් තවත් ජීවිත රැකගන්නා කටයුත්තකට ගිවිසුම් ගතවෙයි

හදිසි අනතුරැ හා අපදාවන්ට ලක්ව මොළය මියගිය පුද්ගලයින්ගේ අවයව වෙනත් පුද්ගලයකුට බද්ධ කිරීම සදහා ගුවනින් ප්‍රවාහනය කිරීමට අදාළ වූ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය දා අත්සන් තැබුවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව මෙම අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනුවෙන් එහි ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් අත්සන් තැබිම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

හදිසි ආපදාවකින් හෝ අනතුරකින් මොළය මියගිය පුද්ගලයෙකු,භාරකරුවන්ගේ කැමැත්ත මත ඔහුගේ වැදගත් ශරීර අවයව ලබාගැනීමට ඉතා ඉක්මනින් රොහලක් වෙත ගුවන් මගින් ඉතා ආරක්ෂිතව ප‍්‍රවාහනය කිරීම මෙහිදි මූලික වශයෙන් සිදුකරනු ලබනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත අත්සන් තබන ලද මෙම ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් C-130, AN-32, MA-60, Y-12, MI-17, Bell-412, Bell-212 සහ Bell-206 යන ගුවන් යානා මඟින් මෙම රෝගී පුද්ගලයන් හා අවයව ප්‍රවාහන කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17
Video thumbnail
රනිල්ගේ - අනුරගෙයි ආර්ථික කළමණාකරනය ගැන කියන රාජිත.. රනිල් රු.293 වෙනකල් අඩුකළා
01:25
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22