තොඩුවාව මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු ඊයේ (22) පස්වරුවේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 11 හැවිරිදි වියේ පසු වූ පාසල් සිසුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම සිසුවා තවත් මිතුරන් පිරිසක් සමඟ උපකාරක පංතියකට සහභාගීවීමට ගොස් ඇති අතර, පංතියට සහභාගීවීමට පෙර දියනෑමට මුහුදට ගිය අවස්ථාවේ මෙලෙස දියේ ගිලී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.










