හිටි හැටියේ සහල් ගබඩාවකට මුද්‍රා තැබිමට පියවර

ඒකල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සහල් ගඩබාවක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබෙනවා.

දේශීය සහල් සත්ව ආහාර සඳහා යොදාගත් මෙම සහල් ගඩබාව 1977 දුරකථන අංකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී
එහිදී සත්ව ආහාර සඳහා යොදාගත් සහල් මෙට්‍රික් ටොන් 21ක් සොයාගැනීමට හැකි වි තිබේ.

දේශීය හෝ ආනයනය කරන ලද සහල් සත්ව ආහාර සඳහා යොදාගැනීම තහනම් වුයේ මේ වසරේ පසුගිය ජුලි මාසයේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව වන අතර එහිදී එම නියෝගය කඩකරමින් අදාළ ගබඩාව භාර නිලධාරීන් විසින් මෙම සහල් සත්ව ආහාර සදහා යොදාගැනීමට කටයුතු කිරිම කර තිබේ.අත්අඩංගුවට ගත් අදාළ ගබඩාවේ භාරකරු සහ කළමනාකරු බැදුම්කර මත නිදහස් කර තිබේ

අදාළ සහල් තොගය මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.

සැකකරුවන් ජනවාරි 06 වන දින වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි