අලුත්ගම OICට විරුද්දව වීඩියෝවක් FB දැමූ එම පොලීසියේ SIගේ වැඩ තහනම්

උප පොලිස් පරීක්ෂකවරයෙකු වූ දමිත් ජයතිලක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි 22 සිට රාජකාරී තහනම් කර තිබේ. ඔහු අලුත්ගම පොලීසියේ සේවය නියුතුව පුද්ගලයෙකි.

මෙම පොලිස් නිලධාරියාට චෝදනා එකොළහක් යටතේ ගොනු කර තිබෙන චෝදනා පත්‍රයක් ලබාදී සේවය අත්හිටුවීමට කටයුතු කර ඇතැයි කළුතර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා පැවසීය. සිය සේවා ස්ථානය වූ අලුත්ගම පොලිස් ස්ථානයට සහ පොලිස් ස්ථානාධිපතිවරයාටත්, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු නොකල යුතු විනය විරෝධී පොලිස් අණට අකීකරු ව, පොලිස්පති නියෝග සහ චක්‍ර ලේඛන නොතකා සමාජ මාධ්‍ය වෙත තම ආයතන ප්‍රධානියා වූ අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතාට ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනාත්මක වීඩියෝවක් මුදාහැරීම සම්බන්ධයෙන් සිදුකර තිබෙන විනය කඩ කිරීම හේතුවෙන් උසස් පොලිස් නිලධාරීන් එම නිලධාරියා සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන තිබේ.