ගුවන් සේවිකා තනතුරට බඳවා ගන්නේ යැයි පවසා ලාබාල තරුණියන් 20 දෙනෙකු රැවටූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ගුවන් සේවිකා තනතුරට බඳවා ගන්නේ යැයි පවසා ලාබාල තරුණියන් 20 දෙනෙකුගේ නිරුවත් ජායාරුප ගෙන්වා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජල සම්පාදනයේ මනු කියවන 29 හැවිරිදි තරුණයෙකි.

මුහුණු පොත හරහා දැන්වීමක් යොමු කරමින් තරුණියන්ට ගුවන් සේවිකා තනතුරු ලබා දෙන බව පවසා මෙලෙස එම තරුණියන්ගේ නිරුවත් චායාරුප ඔහු ගෙන්වාගෙන තිබේ.

පසුව එම ජායාරුප පෙන්වා කාන්තාවන්ට තර්ජනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයාට නිරුවත් චායරුප යොමු කළ තරුණියක් හට තර්ජනය කිරීම නිසා එම තරුණිය රහස් පොලිස් මුලස්ථානයට කළ පැමිණිල්ලකින් පසුව මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.