රාජාගනය ජලාශයේ වාන් දොරටු 06 ක් අඩි 02 බැගින් විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.විවෘත කර ඇති ජල දොරටු වලින් තත්ත්පරයට ජලය ඝන අඩි 3750 ක් කලාඔයට මුදා හැරෙන බවද වාරි මාර්ග නිලධාරීන් සදහන් කරයි.
මෙම තත්ත්වය නිසා කලාඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් පසුගිය 20 වැනිදා සවස විවෘත කර තිබුණි.21 වැනිදා පෙරවරුව වන විට විවෘත කර තිබූ ජල දොරටු වසා දමා ඇති බවද ආපදා කළමණාකරන ඒකකය වැඩිදුරටත් සදහන් කරයි.










