බස්නැවතුමට කඩා වැඳුණ වෑන් රථය

කුරුණෑගල නාරම්මල මාර්ගයේ බැදිගමුව හන්දිය අසලදී නාරම්මල දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ තිබූ බෝක්කුවක ගැටී මාර්ගයේ ඉදිරියට ඇදී ගොස් අසල බස්නැවතුම්පලේ රැදී සිටි කාන්තාවන් තිදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත .

අනතුරින් කාන්තාවන් තිදෙනා බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව දෙදෙනෙකු මියගොස් ඇති අතර එක් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත .

මරණකාරියන් වයස අවුරුදු 56 , 59 හා 61 ක් වූ බැදිගමුව , නාරම්මල ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ .

කාන්තාවන් දෙදෙනෙකුගේ මෘත ශරීර ඥාතීන් වෙත භාරදී ඇති අතර අනෙක් කාන්තාවගේ මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ .

වෑන්රථ රියදුරුගේ අපරික්ෂාකාරි හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත .

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .