අයිස් හෙවත් ක්‍රිස්ටලයින් නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වී ඇතැයි ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය අනාවරණය කර තිබේ.
අයිස් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් 24 ක් විදේශ රටවල සැඟවී සිටින බවද පැවැසේ.
ඔවුන් දියත් කළ ලයන් ෂිප් මෙහෙයුම යටතේ මෙම තොරතුරු හෙළිවී තිබේ.
එහිදී අයිස් රටවල් 22 කට ප්‍රවාහනය කෙරෙන බව සොයාගෙන ඇත. ඉන්ටර්පෝල් මහලේකම් ජර්ජන් ස්ටොක් හෙළිකළේ, අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වන්නේ ලෝප්‍රකට පෝචූන් සමාගම් 500 කට සමාන අපරාධ කල්ලිවලින් බවයි. අයිස් මත්ද්‍රව්‍ය විශාල ලෙස ප්‍රවාහනය වන්නේ ආසියාවේ බවත් නව මත්ද්‍රව්‍ය ප්‍රවාහන මාර්ග රැසක් බිහිවී ඇතැයි ද ඉන්ටර්පෝල් ආයතනය කියා සිටී.
මෙම අයිස් නිපදවීම සඳහා භාවිතා කරන රසායනික වර්ග ඉතා හානිකර බව හෙළිවී ඇත.










