කස මෝරා මැරූ දෙදෙනෙක් ලෝක අමාරුවේ (ඡායාරූප)

මැරීමට තහනම් මත්ස්‍ය විශේෂයක්වන කස මෝරුන් දෙදෙනෙකු මරා බේරුවල ධීවර වරායට රැගෙන එමින් සිටි ධීවරයින් දෙදෙනෙකු සිය භාරයට ගැනීමට බේරුවල වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බේරුවල ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

ලද තොරතුරක් මත ඔවුන් පැමිණි යාත්‍රාව පරීක්ෂා කිරීමේ දී කිලෝග්‍රෑම් 40 යි ග්‍රෑම් 100ක් බරැති කස මෝරු මත්ස්‍ය කොටස් සොයාගත් බවයි වෙරළ ආරක්ෂක බළකාය සදහන් කළේ.

සැකකරුවන් දෙදෙනා මත්ස්‍ය කොටස් සමග බේරුවල ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

වඳ වීමේ තර්ජනයට ල ක් වී සිටින කස මෝරුන් මැරීම ජාතික ජලජ හා පර්යේක්ෂණ මධ්‍යස්ථානය තහනම් කර තිබෙනවා.

මේ වනවිට ලොව පුරා කස මෝරුන් වඳවීමේ තර්ජනයට ලක්ව සිටින බවයි රාජ්‍ය නොවන සංවිධාන සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46
Video thumbnail
"අභියෝග කරනවා ගබඩාවල තෙල් නෑ" ඉන්ධන ගැන ආනන්ද පාලිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:11
Video thumbnail
සජිත් විපක්ෂයේ ප්‍රබලයෝ එක්ක හදිසි සාකච්ඡාවක
02:37
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
01:08
Video thumbnail
අපිට ළිං වලින් තෙල් ගන්න බෑනේ - මේකට මුහුණදෙන්න වෙනවා
16:47
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ලැව් ගින්න..දෙවියනේ..විශාල ප්‍රදේශයක් ගිනිබත්වෙලා
01:26
Video thumbnail
මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන ජනාධිපතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්
14:37
Video thumbnail
ජනාධිපතිතුමා හදිසියේම පාර්ලිමේන්තුවට ගොඩවෙයි
04:29
Video thumbnail
විපක්ෂයේ සෙට් එක සභාව මැද ඩෙගා නටයි
00:59
Video thumbnail
පෝලිම්වල ඉන්න එපා - තෙල් හිඟයක් ඇතිවෙන්නේ නෑ
05:23