පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ දී ලක් මාතාවට කීර්තියක් ගෙන ආ නෙත්මිට අලුත් නිවසක් (ඡායාරූප)

22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ඉතිහාසයේ පළමු වරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදීමට සමත් වූ නෙත්මි අහිංසා ක්‍රීඩිකාවට ඊයේ නව නිවසක් හිමි වුණා.

ඒ, මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර විසින්, ඇයට නව නිවසක් තනාදෙන බවට පසුගිය අගෝස්තු 06 වනදා ලබාදුන් පොරොන්දුවකට අනුවයි.

කුරුණෑගල – වෙල්පල්ල ප්‍රදේශයේ ජීවත්වන නෙත්මි අහිංසා හය දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන දියණිය වනවා.

වෙල්පල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන නෙත්මි ශ්‍රී ලංකාවට මෙම විශිෂ්ඨ ජයග්‍රහණය හිමිකර දුන්නේ ආර්ථික අපහසුතා රැසක් මැදවීම ද විශේෂත්වයක්.

එවැනි අපහසුතා රැසක් මැද පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දී නෙත්මි අහිංසා රටට ගෙන ආ කීර්තිය වෙනුවෙන් මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර ඇයට නව නිවසක් තනාදෙන බවට වූ පොරොන්දුවට අනුවයි මෙම නව නිවස ඉදිකිරීම ඇරඹුවේ.

ඒ, අනුව එම නිවසේ ඉදිකිරීමේ කටයුතු අවසන් කරමින්, සුබ මොහොතින් එම නිවස නෙත්මි සහ ඇයගේ මව්පියන් වෙත භාරදීම සිදුකරනු ලැබුවේ ව්‍යාපාරික දිලිත් ජයවීර විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
85
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33