මැදවච්චිය – තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ මාතෝට්ටම දුම්රිය ස්ථානය ආසන්නයේ දී පුද්ගලයෙක් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා අනුරාධපුර සිට තලෙයිමන්නාරම දක්වා ධාවනය වූ දුම්රියට පැන මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස සියදිවි නසාගත් පුද්ගලයා අවුරුදු 38ක් වන උයිලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයා බීමත්ව දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බවයි.
මෘත ශරීරය මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උයිලංකුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













