තොරතුරු තාක්ෂණ අංශය රටට විදේශ විනිමය උපයන කර්මාන්තයක් බවට පත්කිරීමට වැඩපිළිවෙළක්

ඉදිරියේදී තොරතුරු තාක්ෂණ අංශය රටට විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්තයක් බවට පත්කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

තොරතුරු තාක්ෂණ කර්මාන්තය හරහා පසුගිය 2021 වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 1500ක විදේශ විනිමය උපයා ගැනීමට හැකි වී ඇති බව අමාත්‍යවරයා පවසනවා.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ පුරප්පාඩු 20,000 පමණ තිබෙන බවත් ඔහු පැවසුවා.