ඔස්ට්‍රේලියාවේදී වාර්තාවක් තැබූ ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරියෝ

වසර 168ක ඉතිහාසයේ පළමු වතාවට මෙල්බර්න් විශ්වවිද්‍යාලය නිවුන් දරුවන්ට එකවර ආචාර්ය උපාධි පිරිනැමුවේය.

මෙම නව වාර්තාව තැබීමට සමත්ව ඇත්තේ නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් සොහොයුරියන් දෙදෙනෙකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ අධ්‍යයනයකින් අනතුරුව පශ්චාත් උපාධිය සඳහා වර්ෂ 2016 දී ඔවුහු මෙල්බරන් සරසවියේ අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබුණහ.

ලෝක නිවුන් දිනයට දවසකට පෙර ඉකුත් 17 වැනිදා මෙම ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරියන් දෙදෙනා තම ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත.

තේජානි මේ වනවිට මෙල්බර්න් හි CSIRO හි ජ්‍යෙෂ්ඨ පර්යේෂණාත්මක විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන අතර නදීෂා ලොස් ඇන්ජලීස් හි ඇම්වේ හි පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස සේවය කරනු ලබයි.