සැමියා සහ දරුවන් රවටා ලක්ෂ 35කට විදින්න හැදූ කාන්තාවගේ කැරැට්ටුව එළියට

තමන් පැහැරගත් බව පවසමින් සැමියා හා දරුවන් රවටමින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබා ගැනීමට තැත් කිරීම් දී අත්අඩංගුවට ගැනුණු කාන්තාව අද (19) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත්කර තිබෙනවා.

ඒ, අනුව සැකකාර කාන්තාව ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි අප කළ විමසීමක දී ආණමඩුව පොලිසිය පැවසුවේ.

අදාළ කාන්තාව විසින් ලබාගෙන තිබූ රුපියල් ලක්ෂ 7.5ක ණය මුදලක් පියවීම සඳහා ඇය විසින් මෙලෙස උපක්‍රමශීලිව තම සැමියාගෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කර ඇති බව සිදුකළ විමර්ශන වලදී අනාවරණය කරගෙන තිබෙනවා.

තමන් පැහැරගත් බව පවසා එම කාන්තාව සිය සැමියාගෙන් මුලදී රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා ගැනීමට උත්සහ කර ඇති අතර, පසුව එම ගණන ඇය විසින් රුපියල් ලක්ෂ 35ක් දක්වා අඩුකර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

50 හැවිරිදි වියේ පසුවන තිදරු මවක් වන මෙම කාන්තාව පසුගිය 15 වනදා ආණමඩුව ප්‍රදේශයේ පිහිටි සිය නිවසින්, දියණිය පදිංචි වාරියපොල – හංහමුණ ප්‍රදේශයට ගොස් ඇති බවත්, එදින ආණමඩුව නගරයට පැමිණෙන බව සැමියාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇති බවට ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ කාන්තාව එදින සවස සිට අතුරුදහන්ව ඇති බවට හෙළිව ඇති අතර, ඒ අනුව මේ සම්බන්ධයෙන් ඇයගේ බාල පුතු විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්.

පැමිණිල්ලට අනුව සිදුකළ මෙහෙයුම් වලදී මෙම කාන්තාව වෙනත් නිවසක සැඟව සිටිය දී සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

මෙම කාන්තාව ගමන් කළ ස්ථාන හා අදාළ මාර්ගවල ආවේක්ෂණ කැමරා පරීක්ෂා කරමින් ආණමඩුව පොලිසිය විසින් අදාළ පරීක්ෂණ කටයුතු සිදුකර ඇති බවයි දැන ගන්නට ලැබුණේ.

සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය විසින් සිදුකළ වංචාව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25