ආබාධිතයින් භාවිත කරන භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බවට කියන කතා අසත්‍යක් – මුදල් රාජ්‍ය ඇමති

ආබාධිත පුද්ගලයින් සඳහා භාවිත කරන භාණ්ඩවල මිල 400% කින් ඉහළ ගොස් ඇති බවට වන ප්‍රකාශයන අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

නව බදු ප්‍රතිපත්තිය මත ආබාධිත පුද්ගලයින් භාවිත කරන භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදුව නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී මලේගොඩ විසින් රජයේ නව බදු පැනවීම නිසා ආබාධිත පුද්ගලයින් හා රෝගීන් භාවිත කරන රෝදපුටු, ජෙල් මෙට්ට, ජල මෙට්ට, ශ්‍රවණාධාර උපකරණ ,බ්‍රේල් ලිවීමේ උපකරණ, බ්‍රේල් යතුරු ලියන ආදී සියලු භාණ්ඩවල මිල සීයට 400 කින් ඉහළ යන බව ප්‍රකාශ කළා.

මේ අතර, ආබාධිත අයවලුන් භාවිත කරන කිසිඳු ද්‍රව්‍යයක් සඳහා රජයේ වැට් හෝ රේගු බදු අය නොකරන බවත්, එසේ වුවත් රුපියල් 200.00කට ආසන්නයේ තිබූ ඩොලරය රුපියල් 360.00 දක්වා වැඩි වීමත් සමඟ පිටරටින් ගෙන්වනු ලබන සියලු භාණ්ඩවල මිල විශාල ලෙස ඉහළ යාම මෙම භාණ්ඩවල මිලටත් බලපෑම් සිදුවිය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙර පැනවූ 2.5% සමාජ ආරක්ෂණ බද්ද පොදුවේ සියලුම නිෂ්පාදනවලට අදාළ වූ නමුත් එය තුළින් සියට 400ක මිල වැඩිවීමක් කිසිසේත්ම සිදුනොවන බව අමාත්‍යවරයා පවසනවා.

2.5 % සමාජ ආරක්ෂක බද්ධ ද තවත් විශේෂ භාණ්ඩ කිහිපයක් ද සමඟ මෙහි සඳහන් භාණ්ඩ සඳහා ජනවාරි මස සිට අය නොකිරීමට රජය කටයුතු කිරීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් ආර්ථිකමය පියවර රාශියක් ගනු ලබන්නේ රුපියලේ අගය වැඩි කර ගෙන පොදුවේ සියලු ආනයනික භාණ්ඩවලමිල අඩු කරගැනීම සඳහා බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25