මෙසීගේ අවසන් තීරණය දැනුම් දෙයි

2022 පාපන්දු ලෝක කුසලානය දිනා ගත් ආජන්ටිනා කණ්ඩායමේ නායක ලියනල් මෙසී පාපන්දු පිටියෙන් සමුනොගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ආරම්භයේ සිටම බොහෝ දෙනෙක් මත පළකළේ සුපිරි ක්‍රීඩක ලියනල් මෙසී ජගත් පාපන්දු පිටිය තුළ දැක ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තුළ බවයි.

ඊයේ රාත්‍රියේ පැවති අවසන් මහා තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසී කියා සිටියේ ලෝක ශූරයෙකු ලෙස තවත් තරග කිහිපයක අත්දැකීම් විඳීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

කෙසේ වෙතත් කටාරයේ පැවැත්වෙන අවසන් තරගයෙන් පසු පාපන්දු තරගවලට සමුදෙන බව පසුගිය ඔක්තෝම්බර් මාසයේ මෙසී විසින් නිල වශයෙන් නිවේදනය කර තිබුණා.

මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවන මෙසී 2024 වසරේ පැවැත්වෙන කෝපා ඇමරිකා තරගාවලිය වෙනුවෙන් ආර්ජන්ටිනා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රීයේ නිමා වූ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පිරිනැමෙන හොඳම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් සම්මානය දිනා ගැනීමට ලොවක් ආදරය කරන මෙම ක්‍රීඩකයාට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
86
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?