ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (18) බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරුණා.
දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ
ඔහුගේ පවුලේ ඥාතීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවයි.
එහිදී ඔහුගේ බිරිඳගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව සඳහන්.
මේ අතර, දිනේෂ් ෂාෆ්ටර්ට පහර දී අසාද්‍ය තත්ත්වයේ සිටිය දී සොයා ගත් ස්ථානයෙන් සහ ඔහුගේ සිරුරෙන් හමු වූ ඇඟිලි සලකුණු පිළිබඳ වාර්තාව හෙට (20) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නිමිත බවට තොරතුරු වාර්තා වනවා.
මෝටර් රථයෙන් සහ ඔහුගේ සිරුරෙන් ලබාගත් ඇඟිලි සළකුණු මේ වනවිටත් විශ්ලේෂණය කරමින් පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.
අත්පා ගැටගසා බරපතළ තුවාල සිදුකළ බොරැල්ල සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ දමා සිටිය දී හමුවූ දිනේෂ් ෂාෆ්ටර් රෝහල් ගත කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 15 වනදා ජීවිතක්ෂයට පත්වුණා.














