දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතනය ගැන බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන්ගෙන් ප්‍රශ්න කරන්න සැරසෙයි

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (18) බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරුණා.

දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ
ඔහුගේ පවුලේ ඥාතීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවයි.

එහිදී ඔහුගේ බිරිඳගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව සඳහන්.

මේ අතර, දිනේෂ් ෂාෆ්ටර්ට පහර දී අසාද්‍ය තත්ත්වයේ සිටිය දී සොයා ගත් ස්ථානයෙන් සහ ඔහුගේ සිරුරෙන් හමු වූ ඇඟිලි සලකුණු පිළිබඳ වාර්තාව හෙට (20) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නිමිත බවට තොරතුරු වාර්තා වනවා.

මෝටර් රථයෙන් සහ ඔහුගේ සිරුරෙන් ලබාගත් ඇඟිලි සළකුණු මේ වනවිටත් විශ්ලේෂණය කරමින් පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

අත්පා ගැටගසා බරපතළ තුවාල සිදුකළ බොරැල්ල සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ දමා සිටිය දී හමුවූ දිනේෂ් ෂාෆ්ටර් රෝහල් ගත කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 15 වනදා ජීවිතක්ෂයට පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25