ඔබේ සමාජ මාධ්‍ය ගිණුමටත් මෙම පණිවුඩය ආවාද ? – ප්‍රවේශමෙන් !

ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් විවිධ වෙබ් ලිපින යොදාගෙන ‘නොමිලේ ත්‍යාග ලබාදෙන බව පවසමින්’ සමාජ මධ්‍ය ඔස්සේ පණිවුඩ හුවමාරුවීමේ ඉහළ යෑමක් පෙන්නුම්කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ වනව්ටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි 100කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඕනෑම අවස්ථාවක ඔබගේ සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයින්ට ලබා ගැනීමේ අවස්ථාව පවතින බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අඟවනවා.

එමෙන්ම මෙමඟින් සයිබර් ප්‍රහාරකයින්ට ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීමක් ද සිදුකළ හැකි බවයි අදාළ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව එලෙස පැමිණෙන පණිවුඩ සහ ලින්ක්, ක්ලික් කිරීමෙන් වැළකී සිටින ලෙස මහජනතාවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?