මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා ගමන් කිරීමට රැඳී සිටි පුද්ගලයින් 05 දෙනෙකු තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලෙයිමන්නාරම – තම්මැන්නා නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ඉන්දියාව බලා ගමන් කිරීමට රැඳී සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 16ත් 58ත් අතර වයස්වල පසුවන අය බවයි පොලිසිය පැවසුවේ.
මොවුන් පේසාලේ, වව්නියාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, මෙම සැකකරුවන් අද (18) දිනයේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.




