පාපන්දුවේ රජුන් කිරුළු පළඳින ස්වර්ණමය රාත්‍රිය අද

ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙස සැළකෙන පාපන්දු ක්‍රීඩාවේ මෙවර ලෝක ශූරයින් කවුරුන් ද යන්න තීරණය කෙරෙන අවසන් මහා තරගය අද (18) රාත්‍රියේ පැවැත්වෙනවා.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය සඳහා පසුගියවර ශූරයින් වන ප්‍රංශ කණ්ඩායම සහ ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සුදුසුකම් ලබා සිටිනවා.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය මෙරට වේලාවෙන් අද (18) රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිත අතර මෙම තරගය පැවැත්වෙන්නේ කටාර් ‍රාජ්‍යයේ ලුසායිල් ස්ටේඩියම් පාපන්දු ක්‍රීඩාංගනයේ දීයි.

මෙවර අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබා ඇති ප්‍රංශය සහ ආර්ජන්ටිනාව මීට පෙර අවස්ථා දෙක බැඟින් පාපන්දු ලෝක කුසලාන තම මව්බිමට රැගෙන ගොස් තිබීම ද විශේෂත්වයක්.

පාපන්දු පිටියේ සුපිරි තරු යුගලයක් මෙවර ප්‍රංශ කණ්ඩායමට සහ ආර්ජන්ටිනා කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර, කයිලියන් ම්බාපේ ප්‍රංශ කණ්ඩායමටත්, ලියෝනල් මෙසී ආර්ජන්ටිනාවටත් නායකත්වය ලබා දෙනවා.

ලෝක ශූරයින් දෙපිළක් එකිනෙක ගැටෙන 2022 පාපන්දු ලෝක කුසලානයේ ශූරයින් කවුරුන් ද යන්න දැක බලාගැනීම සඳහා රජ මැදුරේ සිට දුගී පැල්පත දක්වා ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පාපන්දු ප්‍රේක්ෂනයින් දෑස් දල්වා බලා සිටිනු නො අනුමානයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36