ආබාධිත පුද්ගලයින්ගේ සහායක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන්න – විමල් වීරවංශ

ආබාධිත පුද්ගලයින් විසින් භාවිත කරන සහායක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

අයවැය විවාදයේ දී ‍ආබාධිත පුද්ගලයින් සඳහා ගෙන්වන කිසිඳු උපකරණයකට බදු පනවා නොමැති බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශය ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම ලිපියෙන් සිහිපත්කර තිබීම ද විශේෂත්වයක්.

අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළද, ආබාධිතයන් භාවිත කරන උපකරණ සඳහා රේගු බදු අය කරන බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එලෙස බදු අය කරන උපකරණවලින් වැඩි කොටසක බදු කාණ්ඩ අංකයන් ඇතුළත් ලේඛනයක් ද අදාළ ලිපිය සමඟ යොමු කර ඇති අතර, දෘශ්‍යාබාධිත, ශ්‍රවණ හා කථන ආබාධිත මෙන්ම, වෙනත් ශාරීරික දුබලතා නිසා ද ආබාධිත තත්ත්වයේ පසුව අය භාවිත කළයුතු සහායක උපකරණ වන අත්වාරු, රෝද පුටු, ශ්‍රවණාධාරක වැනි උපකරණ ඊට ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?